Thursday, November 5, 2015

නුඹේ සිනා මතකයක්


මීදුමේ මඟ සොයා
දුර ඇදෙන හැමදාම
නුඹ සුවෙන් නිදි ඇතැයි හිතෙනවා
දහස් ගව් දුර ඇතත්
කෙහෙරැල්ල අවුල් කර
මොහොතකට නුඹේ හිස සිඹිනවා

ඉර බහින හවස් කල
උණුහුම්ම තේ සමඟ
නුඹේ සිනා මතකයක් එබෙනවා
නුඹ සිටින දහවලේ
එක පුංචි හුස්මකින්
නළලතේ ඩා බිඳිති මකනවා

රැයේ මැදියමට පෙර
නිදි නෙතට නුඹ පැමිණ
සිහින මැද වෙහෙසවී පෙනෙනවා
විඩාබර දෙනෙත වෙත
එළි බිඳක් ගෙන එන්න
සිනහවක් වී දෙතොල රැඳෙනවා

4 comments: