Monday, November 2, 2015

නොපායන සඳ


නොපායන සඳ
කිමද මේ ලෙස
මගේ සුසුම් ළඟ 
ඉසිඹුලන්නේ

අහසේ නුඹ නැත
ඇහි පියන් යට 
කඳුළු බිඳුවක
සිනාසෙන්නේ 

මටම විතරක් 
එළිය දෙන නුඹ 
මටම විතරද
කඳුළු දෙන්නේ

හෙටත් අහසට 
නාවොතින් නුඹ
කඳුළු දෙන්නම්
සැඟවී ඉන්නේ

3 comments:

  1. ලස්සනම ලස්සනයි..............

    ReplyDelete
  2. කවියට පෙම් බදින හැමෝටම ස්තුතියි

    ReplyDelete